Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙක්සිකෝ දේශසීමාවේ සංක්‍රමණික මධ්‍යස්ථානයක පැතිර ගිය ගින්න ගැන UN මහලේකම්වරයා පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි

මෙක්සිකෝ දේශසීමාවේ Ciudad Juárez හි සංක්‍රමණික මධ්‍යස්ථානයක පැතිර ගිය ගින්නෙන් මියගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.

සංක්‍රමණික මධ්‍යස්ථානයක සිටි සංක්‍රමණිකයින් පිරිසක් පිටුවහල් කිරීමට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ මෙම ගින්නෙන් පුද්ගලයන් 40 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගින්නෙන් පුද්ගලයන් 29 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනය (INM) විසින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය තුළ ගින්න හටගන්නා විට පුද්ගලයින් 68ක් පමණ සිට ඇති බවයි පැවසෙන්නේ.

මෙක්සිකානු බලධාරීන් පැවසුවේ මියගිය සහ තුවාල ලැබූවන් අතර Guatemala, Honduras, Venezuela, El Salvador, Colombia සහ Ecuador යන රටවල පුද්ගලයින් සිටින බවයි.

ගින්නෙන් ගෝතමාලාවේ පුරවැසියන් 28 දෙනෙකු මිය ගිය බව එරට විදේශ අමාත්‍ය මාරියෝ බුකාරෝ වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Exit mobile version