Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පේදුරු තුඩුව ආශ්‍රිත වෙරළ තීරය සහ ගුරුනගර් ධීවර ජැටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්

පේදුරු තුඩුව ආශ්‍රිත වෙරළ තීරය සහ ගුරුනගර් ධීවර ජැටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්

පේදුරු තුඩුව ආශ්‍රිත වෙරළ තීරය සහ ගුරුනගර් ධීවර ජැටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්

වඩාත්ම ප්ලාස්ටික් දූෂණයට ලක් වූ වෙරළ තීරය ලෙස සැලකෙන පේදුරු තුඩුව ආශ්‍රිත වෙරළ තීරය සහ වඩාත්ම ප්ලාස්ටික් දූෂණයට ලක් වූ ධීවර ජැටිය ලෙස සලකන ගුරුනගර් ධීවර ජැටිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආයතන කිහිපයක සහයෝගයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය ආරම්භ කර ඇත.

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී සමාගම සහ ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා උතුරු පළාත් සභාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සමග ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානය ත්‍රයිපාර්ශ්වීය ගිවිසුමක්ද පසුගියදා අත්සන් කළහ.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසියේ පාරිසරික අංශය, උතුරු පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ සමුද්‍රීය හා සංචාරක අංශය සහ තවත් ස්වේච්ඡා සංවිධාන රාශියක්ද එක් වී සිටී.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ, යන්ත්‍රසූත්‍ර සහ මිනිස් ශ්‍රමය භාවිතා කරමින්, යාපනය කලපුවේ ජලය මතුපිට සහ පතුලෙහි රැඳී ඇති ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර එහි ජලාශ වලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්ද ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානය සහ හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී සමාගම විසින් මීට සමගාමිව ක්‍රියාත්මක කොට ඇත.

Exit mobile version