Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නානුඔයින් ආරම්භ කළ එළවළු ප්‍රවාහනය සඳහා වූ විශේෂ දුම්රිය පරීක්‍ෂණ දුම්රියකට පමණක් සීමා වෙලා

නානුඔයින් ආරම්භ කළ එළවළු ප්‍රවාහනය සඳහා වූ විශේෂ දුම්රිය පරීක්‍ෂණ දුම්රියකට පමණක් සීමා වෙලා

නානුඔයින් ආරම්භ කළ එළවළු ප්‍රවාහනය සඳහා වූ විශේෂ දුම්රිය පරීක්‍ෂණ දුම්රියකට පමණක් සීමා වෙලා

උඩරට ප්‍රදේශයේ එළවළු කොළඹ සහ අවට ප්‍රදේශවලට පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් දුම්රිය දෙපාර්තමේන්තුව නානුඔයින් ආරම්භ කළ විශේෂ දුම්රිය පරීක්‍ෂණ දුම්රියකට පමණක් සීමාවූ බව දුම්රිය වෘත්තිය සමිතිය පවසයි.

එම එළවළු ප්‍රවාහන දුම්රිය පරීක්‍ෂණ ධාවනය සඳහා විශාල මුදලක් වැය කර අතහැර දැමූ බව කී දුම්රිය වෘත්තිය සමිති නිලධාරියෙක් පැවසුවේ ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන දේශපාලඥායන් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත්ය.

එම දුම්රිය සැළසුමකට අනුව ක්‍රියාත්මක කළේ නම් දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් සහ ව්‍යාපාරිකයන්ට සහ ගොවි ජනතාවට විශාල ප්‍රවාහන පිරිවැයක් අඩුකරගැනීමේ හැකියාවද තිබූ බවද වෘත්තිය සමිති වැඩි දුරටත් සඳහන් කරයි.

Exit mobile version