Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළ පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා කමිටුවක්

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කර ඇත.

වරයා, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

එම විමර්ශන ක්‍රියාවලීන් නිමකිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එකී භාණ්ඩවලට හානිවීම හා විනාශවීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදුවන බැවින් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (28) පැවසීය.

එවැනි භාණ්ඩ සම්බන්ධයෙන් දැනට රේගුව විසින් අනුගමනය කරන ක්‍රියාදාමයන් කඩිනම් කළ යුතුව ඇති බැවින්, ඊට අදාළ කරුණු අධ්‍යයනය කර අවශ්‍ය නම් රේගු ආඥාපනතට සිදුකළ යුතු සංශෝධන හඳුනාගෙන අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ කමිටුව පත්කර ඇතැයි ද ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කමිටුව පත්කර ඇත.

Exit mobile version