Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු අප්‍රිකාව, රුසියාව සහ චීනය දින 10ක ඒකාබද්ධ යුද අභ්‍යාසයක

දකුණු අප්‍රිකාව, රුසියාව සහ චීනය දින 10ක ඒකාබද්ධ යුද අභ්‍යාසයක

දකුණු අප්‍රිකාව, රුසියාව සහ චීනය දින 10ක ඒකාබද්ධ යුද අභ්‍යාසයක

දකුණු අප්‍රිකාව, රුසියාව සහ චීනය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ පළමු සංවත්සරයට සමගාමීව මෙම නාවික අභ්‍යාසය පවත්වනු ලබන අතර එය එක්සත් ජනපදයේ විවේචනයට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව දින 10ක නාවික අභ්‍යාසය (17)වැනි දා සිට දකුණු අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ දී පැවැත්වෙනු ඇත.

දකුණු අප්‍රිකානු ජාතික ආරක්ෂක බලකාය (SANDF) පවසා තිබෙන්නේ එහි සන්නද්ධ හමුදා සාමාජිකයින් 350 දෙනෙකු සහභාගී වන බවයි.

රුසියාව විසින් Zircon hypersonic මිසයිල රැගත් Admiral Gorshkov යුද නෞකාව මේ සඳහා සහභාගීවන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version