Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම දියවීම වැඩි වී ඇති බව විද්‍යාඥයන් අනතුරු අගවයි

ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම දියවීම වැඩි වී ඇති බව විද්‍යාඥයන් අනතුරු අගවයි

ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම දියවීම වැඩි වී ඇති බව විද්‍යාඥයන් අනතුරු අගවයි

ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම දියවීම පසුගිය වසරට වඩා සාපේක්ෂව වැඩි වී ඇති බව විද්‍යාඥයන් අනතුරු අගවනවා.

ගෝලීය උෂණත්වය ඉහළ යාම හේතුවෙන් වසරින් වසර ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම වැස්ම ක්‍රමයෙන් දිය වෙමින් යනවා.
මේ වසරේ හිම දියවීම 1970න් පසු ඇන්ටාක්ටික් මහද්වීපය තුළ වාර්තා වන වැඩිම ප්‍රමාණය ලෙසයි විද්‍යාඥයන් සදහන් කරන්නේ.

පසුගිය වසරේ ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම වැස්ම වර්ග කිලෝ මීටර මිලියන 1.92ක් වු අතර මේ වසරේ එය වර්ග කිලෝ මීටර 1.91ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් විද්‍යාඥයන් අනතුරු අගවන්නේ මුහුදු මට්ටම ඉහළ යා හැකි බවයි.

එබැවින් නැව් ගමනාගමනය සම්බන්ධයෙන් හා ඇන්ටාක්ටික් මහද්වීපය අවට කුඩා දූපත් සැලකිලිමත් විය යුතු බවයි විද්‍යාඥයන් වැඩිදුරටත් පවසන්නේ.

Exit mobile version