Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් අත්අඩංගුවට

අයි. එස් ත්‍රස්තයන් විමර්ශනයට විශේෂ කමිටුවක්

අයි. එස් ත්‍රස්තයන් විමර්ශනයට විශේෂ කමිටුවක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක් තුළ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් භාවිත කරන මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන තිබේ.
ඒ, පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුවයි.

විවිධ පුද්ගලයින්ට ව්‍යාජ සහතික සකස් කරදීම සඳහා මෙම මුද්‍රා භාවිත කරන්නට ඇතැයි, පොලීසිය සැක පළ කරයි.

දිවයිනේ විවිධ පැසල්වල විදුහල්පතිවරුන්, නීතිඥවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ නිල මුද්‍රාවලට සමාන මුද්‍රා පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Exit mobile version