Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්තු 15වැනිදා වන විට පාසල් නිල ඇඳුම් – අධ්‍යාපන ඇමති

මාර්තු 15වැනිදා වන විට පාසල් නිල ඇඳුම් - අධ්‍යාපන ඇමති

මාර්තු 15වැනිදා වන විට පාසල් නිල ඇඳුම් - අධ්‍යාපන ඇමති

මාර්තු 15වැනිදා වන විට සිසුන් අතට නිල ඇඳුම් පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඇමතිවරයා කියා සිටියේ අවශ්‍ය නිල ඇඳුම්වලින් 70%ක් ලබා දීමට එකඟ වී සිටින චීන රජය එහි පළමු තොගය මේ වන විටත් එවා ඇති අතර දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් සපයන ඉතිරි 30% දැන් නිම කෙරෙමින් පවතින බවත්ය. අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කමිටු රැස්වීමක් අමතමිනි.

2028 වර්ෂයෙන් පසුව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19ම ඒකාබද්ධ කර බිහි කරන එක් ජාතික විශ්වවිද්‍යාලයක් මගින් සිව් වසරක් තුළ උපාධිධාරීන් බිහි කෙරෙන බවත් උසස් පෙළ ඉසඩ්ස්කෝ පළමු වටයෙන්ම විෂය අනුව පවත්නා පුරප්පාඩු මත උපාධි අපේක්ෂකයන් බඳවාගන්නා බවත් අධ්‍යයන වර්ෂ තුනකට පසු අවසන් වසරේ දී ඉගැන්වීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ගුණාත්මක භාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරය වෙත යැවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ජාතික මට්ටමෙන් සැලසුම් කර ඇති ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් මට්ටමින් සහයෝගය ලබා ගැනීමත් පළාත් මට්ටමින් අධ්‍යාපනය ඉහළ නැංවීමත් අරමුණු කරගෙන පැවති මෙම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන අතර එම ජාතික ප්‍රතිපත්ති පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන බවත් ජාතික හා පළාත් වශයෙන් මනා සබැඳියාවක් සහිතව මෙම කටයුතු සිදු විය යුතු බවත් කියා සිටියේය.

Exit mobile version