Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට විභාග කොමසාරිස්වරයාට නියෝගයක්

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 18 වනදා සිට

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 18 වනදා සිට

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාලය අතරතුර විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සමේ වග උත්ත්රකරුවෙකු ලෙස නම් කර සිටින විභාග කොමසාරිස්වරයාට ජූලි මස 14 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් යළි නොතීසි නිකුත් කෙරින.

මෙම පෙත්සම ජූලි මස 14 වැනිදා අධිකරණය හමුවේ කැඳවන ලෙස නියෝග කෙරින. මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වූ පොරොන්දුව ඉටු නොකළ බව පෙත්සමේ සඳහන් වේ.

මේ හේතු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බවද එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවද පෙත්සමේ සඳහන් වේ.එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද අදාළ කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

Exit mobile version