Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක්

බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක්

බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක්

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම උද්‍යාන සංචාරක ආකර්ෂණීය කලාප ලෙස සංවර්ධනය කිරීම එහි අරමුණ වන අතර ඒ අනුව බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක් හදුන්වා දීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් (03) සිදු කෙරිණ. පෙබරවාරී 02ට යෙදුනු ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි.

ලෝක තෙත්බිම් දිනයට නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් බැද්දගාන තෙත් බිම් උද්‍යානය සහ කෝට්ටේ, කොටුබැම්ම තෙත් බිම් උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින්
(02) සහ (03) දිනය පුරා පැවැත්විණි.

කොළඹ අනුලා විද්‍යාලීය පරිසර නියමුවන් 80කගේ සහභාගීත්වයෙන් පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහනක් සහ බස්නාහිර පළාතේ බාලදක්ෂිකාවන් 150කගේ සහභාගීත්වයෙන් නිරීක්ෂණ හා අධ්‍යයන වැඩසටහනක් සංවිධානය කර තිබු අතර ජාත්‍යන්තර ජල කළමණාකරණ ආයතනයේ සම්මානිත විද්‍යාඥ ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය එහි ප්‍රධාන දේශනය සිදු කළාය.

Exit mobile version