Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරයෙකුගේ නීතීඥභාවය වසර 5කට අත්හිටුවයි

ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරයෙකුගේ නීතීඥභාවය වසර 5කට අත්හිටුවයි

තමන් නීතියට පටහැනිව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පසුගිය අප්‍රේල් 1 වැනිදා රාත්‍රියේදී ඇතාගල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් පැමිණ තමා අත් අඩංගුවට ගත් බවත් ඉන් පසුව රහස් පොලිස් බාරයේ රැඳවුම් නියෝග යටතේ තබා ගත් බවත් පෙත්සම්කරු කියා සිටී.

මෙම තත්ත්වය තුළ තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද රුපියල් කෝටි 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

Exit mobile version