Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි

ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය(30) හිමිවී ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන්ද අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ නිශ්ශංක බන්ධුල කරුණාරත්නන මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශ්‍යයෙන්ද සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු කළ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශ්‍යයෙන්ද පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණීය මහතා විශ්‍රාම යෑමෙන් ඇති වු පුරප්පාඩුව පිරවීමේදී ඇති වු පුරප්පාඩු සඳහා මෙලෙස විනිසුරුවරු පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබාදී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව මෙම තනතුරු වලට විනිසුරුවරුන් පත් කිරීමට අනුමැතිය ලබා දුන්නේය.

Exit mobile version