Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය කරන බස්රථ පමණක් ධාවනය කරවන ලෙස ඉල්ලීමක්

රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා බස්රථ පමණක් ධාවනය කරවන ලෙස ඉල්ලීමක්

රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා බස්රථ පමණක් ධාවනය කරවන ලෙස ඉල්ලීමක්

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන බස්රථ පමණක් ධාවනය කරවන ලෙස වතු කම්කරු ප්‍රජාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

රදැල්ල කෙටි මාර්ගයේදී පසුගියදා සිදුවූ මාරාන්තික අනතුරින් ජීවිත 7ක් අහිමි විය. ඉන්පසු එම මාර්ගයේ බරවාහන ගමනාගමනය කිරිමැටිය වටරවුම් මාර්ගය ඔස්සේ සිදු කිරීමටයි තීරණය කරන ලදී. රදැල්ල කෙටි මාර්ගයේ දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 40ක් පමණ ධාවනය වෙයි. එම බස්රථ හැටන් සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය සිට හැටන් දක්වාත් සිදු කෙරෙන බවයි ප්‍රදේශවාසීන් පවසයි.

හැටන් සිට රදැල්ල කෙටි මාර්ගය හරහා කතරගම සහ මඩකලපුව දුරගමන් බස් රථ ද ධාවනය වෙයි. පවත්නා තත්ත්වය මත එම බස් රථ රදැල්ල කිරිමැටිය වටරවුම් මාර්ගය ඔස්සේ ධාවනය කරවීමට පියවර ගෙන ඇත. රදැල්ල කෙටි මාර්ගයේ කාබර්ග් වත්තේ කොටස් කිහිපයක කම්කරුවන් විශාල පිරිසක් පදිංචිව සිටින අතර එම මාර්ගය කිලෝමීටර තුනක දුරින් යුක්තය.

මාර්ගයේ කන්දක් සහ බෑවුමක් පවතින බැවින් සෙමෙන් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇති අතර ඊට අදාළ සංඥා පුවරුද සවිකර තිබේ. එහෙත් පිටතින් පැමිණෙන වාහන එම සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් අනතුරු සිදුවන බවට වතු කම්කරුවන් පෙන්වා දෙයි.

Exit mobile version