Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආයතන 55කින් මාර්ගගතව(Online) විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම්

වව්නියාවේ පාස්පෝට් කාර්යාලයේ සේවා සීමා කරයි

වව්නියාවේ පාස්පෝට් කාර්යාලයේ සේවා සීමා කරයි

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් ඇතුළු ආයතන 55කින් මාර්ගගතව(Online) විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පහසුකම් සලසන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, මාර්ගගතව අයැදුම්පතක් යොමුකර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් දින 3ක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකුටද තානාපති කාර්යාලය වෙත ගොස් ඇඟිලි සළකුණු ලබාදී මාර්ගගතව විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්පතක් යොමු කිරීමට පහසුකම් සලසන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, ගෝල්ඩන් පැරඩයිස් නමින් නව වීසා වැඩසටහනක්ද ක්‍රියාත්මක බවයි.

Exit mobile version