Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුරෝපා සංගමයෙන් ඉරානයට නව සම්බාධක

යුරෝපා සංගමයෙන් ඉරානයට නව සම්බාධක

යුරෝපා සංගමයෙන් ඉරානයට නව සම්බාධක

ඉරාන බලධාරීන් හා සංවිධාන තිහකට අධික සංඛ්‍යාවකට මෙලෙස නව සම්බාධක පැනවීමට පියවර ගත් බවට යුරෝපා සංගමය නිවේදනය කරයි. එමෙන්ම උද්ඝෝෂකයින් මර්දනය කිරීම හා මානව හිමිකම් කඩකිරීම යන චෝදනා යටතේ ඉරාන ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුටද සම්බාධක පනවා තිබේ.

ඉරානයේ ක්‍රියාත්මක විශේෂ හමුදා භට ඛණ්ඩය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරිම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවට යුරෝපා ආරංචි මාර්ග සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් යුරෝපා රජයන් හා යුරෝපා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බදුන්ව තිබේ. මේ අතර ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යයද ඉරානයට නව සම්බාධක පැනවීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි.

Exit mobile version