Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවසිලන්ත කණ්ඩායම ICC එක්දින ශ්‍රේණිගත කිරිම්හි දෙවන ස්ථානයට පහළ බැසීමත් සමග එංගලන්තය පළමු තැනට

නවසිලන්ත කණ්ඩායම ICC එක්දින ශ්‍රේණිගත කිරිම්හි දෙවන ස්ථානයට පහළ බැසීමත් සමග එංගලන්තය පළමු තැනට

නවසිලන්ත කණ්ඩායම ICC එක්දින ශ්‍රේණිගත කිරිම්හි දෙවන ස්ථානයට පහළ බැසීමත් සමග එංගලන්තය පළමු තැනට

ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ පරාජයත් සමග නවසිලන්ත කණ්ඩායමට ICC එක්දින ශ්‍රේණිගත කිරිම්හි ප්‍රථම ස්ථානය අහිමි වී තිබේ.

නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව නවසීලන්ත කණ්ඩායම දෙවන ස්ථානය දක්වා පහළ බැස ඇත්තේ එංගලන්තය ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත්කරමිනි.

ඉන්දීය කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර එම ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව සිව්වන ස්ථානය දක්වා පහත බැස තිබේ.

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ (21) පැවති දෙවන තරගයෙන් කඩුළු 08ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණි.

තරගාවලියේ අවසන් තරගයද ජයගැනිමට ඉන්දිය කණ්ඩායම සමත්වුවහොත් ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණීමේ අවස්තාව උදාවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වාදෙයි.

Exit mobile version