Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) නිලධාරීන් 664 දෙනෙකුට උසස් වීම්

අපරාධ කල්ලි මර්දනයට පොලිස් ස්ථාන සඳහා STF කුඩා කණ්ඩායම්

අපරාධ කල්ලි මර්දනයට පොලිස් ස්ථාන සඳහා STF කුඩා කණ්ඩායම්

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 664 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය(STF)සඳහන් කළේ, පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් තිදෙනෙකුද, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 41 දෙනෙකුද, උසස් කර ඇති බවය.

පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 ක්ද, පොලිස් සැරයන් රියැදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 08 දෙනෙකුද, පොලිස් කොස්තාපල් රියැදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියැදුරු තනතුරට නිලධාරින් 06 දෙනෙකුද, උසස්වීම ලබා දී ඇති අය අතරට අයත් වේ.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට නිලධාරීන් 495ක්ද, උසස් වීම් ලබා ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේය.

පොලිස් විශේෂකාර්ය බලකායේ එකවර උසස්වීම් ලද වැඩිම නිලධාරීන් සංඛ්‍යාව මෙය වේ.

Exit mobile version