Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අ. ඩො 20,000ක දඩයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කිරීමට පියවර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කිරීමට පියවර

ආසියානු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් පනවා තිබේ.

ඒ, උස්බෙකිස්තානයේ පැවැත්වුණු වයස අවුරුදු 17න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම පැහැරහැර ඇති බවට චෝදනා කරමිනි. එම තරගාවලිය ඔක්තෝබර් මස 5වනදා සිට 9වනදා දක්වා උස්බෙකිස්ථානයේ පැවැති අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමද ඊට සහභාගිවීමේ අරමුණින් පුහුණුවීම්ද ආරම්භ කළේය.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා සංගම්වලට ධූර කාලය මාස දෙකකින් දිගු කර දුන් ගැසට් පත්‍රය අවලංගු කිරීමත් සමග ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියලු කටයුතු ඇනහිට හිටීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් පාපන්දු ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අවසන් මොහොතේ ඇනහිට තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 03වනදාය.

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23දෙනෙකු සහ නිලධාරීන් 05දෙනෙකු එම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමි වුණි.

උස්බෙකිස්තාන් සංචාරය සඳහා සියලු කටයුතු සැලසුම්කර තිබුණද සංචාරයට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබාගැනීමට එම ගැසට් පත්‍රය අවලංගු වීමෙන් බාධා වූ අතර අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබාගැනීමට මුදල් තිබුණද එයට අත්සන් කිරීමේ බලය ගැසට් පත්‍රය තුළින් අහෝසි වී තිබුණ හෙයින් එම ගුවන් ටිකට් පත් ලබාදීමට නොහැකි වී වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානීන් පැවසීය.

ශ්‍රී ලංකා යොවුන් පිල එම තරගාවලියට සහභාගිනොවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC)විනය කමිටුව, තරග නීතිරීති කඩකිරීමේ චෝදනාව මත ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පැනවීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව ඉදිරි තරගාවලියට සහභාගීවීම සඳහා තහනමක් පැනවීමටද ආසියානු පාපන්දු සම්මේලනය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

එසේම, ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර පාපන්දු තහනමට සහ මූල්‍ය සම්බාධකයකට ශ්‍රී ලංකාව ලක්වීමට බොහෝ දුරට ඉඩක් තිබෙන බවද වාර්තා වෙයි.

Exit mobile version