Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික සත්‍යාපන ගාස්තු සං⁣ශෝධනයක්

කොන්සියුලර් සේවා දින 2ක් අත්හිටුවයි

කොන්සියුලර් සේවා දින 2ක් අත්හිටුවයි

කොන්සියුලර් කාර්යාලවල ලේඛන හා සහතික සත්‍යාපන ගාස්තු සං⁣ශෝධනය කිරීමට තීරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම ගාස්තු සංශෝධනයන් ජනවාරී 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරන සහතිකයක් රුපියල් 800ක මුදලකටත්, යම් අපනයන ලේඛනයක් රු 8000ක් දක්වා ගාස්තු අය කිරීමක් සිදු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දන්වා තිබේ.

තවද විදේශිකයෙකුට නිකුත් කරන සහතික සඳහා රුපියල් 3000ක මුදලක් අය කිරීමටත්, වෙනත් ලේඛන සඳහා රුපියල් 1200ක මුදලක් අය කෙරෙනු ඇති අතර විදෙස් ගත ලාංකිකයින් සඳහා වන සංශෝධිත ගාස්තු 2022.11.16 දිනැති අංක 2306/35 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන් බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version