Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා කණ්ඩායම මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාව (29) දිනා ගැනීමට සමත් විය.

2022 මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වුණු අතර එහිදී, දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි යන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී.

ඔවුන් දෙදෙනා සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කළ අතර උස්බෙකිස්ථානය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැන්මට සමත් වූහ. අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතරය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ වට දෙකම ලකුණු 21 – 0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන් ශූරතාව දිනා ගත්තේ වට 2 – 0 ක් ලෙස තරගය ජය ගනිමිනි.

Exit mobile version