Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022 වසරේ ගෝලීය දැනුම් දර්ශකයේ ශ්‍රී ලංකාව 79වැනි ස්ථානය

2022 වසරේ ගෝලීය දැනුම් දර්ශකයේ ශ්‍රී ලංකාව 79වැනි ස්ථානය

2022 වසරේ ගෝලීය දැනුම් දර්ශකයේ ශ්‍රී ලංකාව 79වැනි ස්ථානය

ගෝලීය දැනුම් දර්ශකයේ (ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස්) 2022 වසරේ ශ්‍රී ලංකාව රටවල් 132ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන ඇත.

මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් දැනුම පදනම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව අධ්‍යාපනය, නවෝත්පාදන, දැනුම, ආර්ථිකය, තාක්‍ෂණය සහ පර්යේෂණ, සංවර්ධනය වැනි ක්ෂේත්‍ර පදනම් කරගනිමින් රටවල් පිළිබඳ සිදුකරනු ලබන තක්සේරුව ගෝලීය දැනුම් දර්ශකය වේ.

මෙම දර්ශකයේ 79වැනි ස්ථානය ලබා ගෙන ඇති ශ්‍රී ලංකාවට ලකුණු 43.4ක් ලබා දී ඇත.

මෙම දර්ශකයේ පළමු ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදය ලකුණු 68.37 ලබා ගනිමින් හිමිකර ගෙන ඇත. දෙවන ස්ථානය ලකුණු 68.28ක් ලබා ගනිමින් ස්විට්සර්ලන්තයත් ලකුණු 66.96ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානය ස්වීඩනයත් ලබා ගෙන තිබේ.

මෙම දර්ශකයේ ඉන්දියාවට 91වැනි ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 41.52කි.

Exit mobile version