ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉදිරියේ දි පාසලෙන් පිට වන දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත්ව වැඩිපුර පුහුණු/ අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙළද සූදානම් කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් හා අවශ්‍යතාව පරිදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණද නිසි කලට ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා අපහසුවෙන් වුව නැගී සිටිමින් දුෂ්කර අවස්ථා ජයගත යුතු බවත් එහි දී විනයගරුකභාවය අතිශයින්ම වැදගත් වන බවත් පැවසීය.