Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙම වසරේ මාස 11ක වැටලීම්වලින් පුද්ගලයන් 31,324ක් සහ රු. මි 350ක නඩු භාණ්ඩ අත්අඩංගුවට

නිදහස වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසෙයි

නිදහස වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසෙයි

මෙම වසරේ මාස 11ක කාලසීමාව ඇතුළත කළ වැටලීම්වලින් පුද්ගලයන් 31,324ක සංඛ්‍යාවක් සහ රුපියල් මිලියන 350ක් ඉක්මවූ නඩු භාණ්ඩ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර කාන්තාවන් 4,559ක් සිටින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, නිෂ්පාදිත මත්පැන් සන්තකයේ තබාගැනීම – විකිණීම, නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීම, රා සන්තකයේ තබාගැනීම – ප්‍රවාහනය සහ විකිණීම, රජයේ අරක්කු සන්තකයේ තබාගැනීම – ප්‍රවාහනය, විකිණීම විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම ප්‍රවාහනය, විකිණීම, බදු නොගෙවූ සිගරැට් සන්තකයේ තබාගැනීම, අවුරුදු 21න් පහළ පුද්ගලයන්ට දුම්කොළ නිෂ්පාදන විකිණීම, ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම්පානය ආදී නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වැටලීම් සිදුකර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව හෙරොයින්, කොකේන්, ගංජා, අයිස් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වන වැරදිවලට අදාළ වැටලීම් සිදුකර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොළ අපරාධ පිළිබඳව අධිකරණය ඉදිරියේ නඩු පැවැරීමෙන් අනතුරුව අධිකරණය මගින් රුපියල් මිලියන 118ක් ඉක්මවූ දඩ මුදල් පනවා ඇති බවද මෙම වර්ෂය තුළද මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිතව ග්‍රහණය කළ වැරදි සම්බන්ධයෙන් රුපියල් මිලියන 127ක් ඉක්මවූ සමථ ගාස්තු පනවා ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Exit mobile version