Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 වසරේදී ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්

2023 වසරේදී ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්

2023 වසරේදී ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳ සමීක්ෂණයක්

2023 වසරේදී ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අවසන් වරට අප රටේ වනඅලි සමීක්ෂණයක් පවත්වා ඇත්තේ 2011 වසරේදීය. එම වසරේ සමීක්ෂණ වාර්තා මෙරට වනඅලි ගහනය 5000 ඉක්මවා ඇති බව වාර්තා කර ඇත. ඒ අනුව වසර 12කට පසුව මෙම වනඅලි සමීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, දැනට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බැවින්, මෙම සමීක්ෂණය සඳහා මේ සම්බන්ධව උනන්දුවක් දක්වන මෙරට සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, පරිසරවේදීන් ඇතුළු සියලුදෙනාගේ සහයෝගය ලබා ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතුවලදී වනසතුන්ගෙන් සිදු වන හානි අතර, වනඅලීන්ගෙන් සිදු වන වගා හානි ද මහත් බලපෑමක් එල්ල කරන බැවින් මේ වනවිට ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය හෙළිදරව් කර ගැනීම මෙන්ම වනඅලි සහ මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී මෙම සමීක්ෂණයෙන් හෙළිවන කරුණු වැදගත් වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version