Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනයට සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක්

පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනයට සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක්

පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනයට සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක්

පාසල් සිසුන්ගේ පෞරුෂය සංවර්ධනය කිරීමේ සහ ඔවුන් වැරදි චර්යාවලින් වළක්වාගැනීමේ අරමුණින් සෑම පාසලකම ලබන වසරේ ජනවාරි 4වැනිදා සිට ‘සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 4වැනිදා සිට මාර්තු මස 24වැනිදා දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන්පසු සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 7.30 සිට 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ඒ වෙනුවෙන් වෙන්කිරීමටත් නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (13) පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා ‘සති පාසල’ නිර්මාතෘ උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ ‘සති පාසල පදනම’ හා ඒකාබද්ධව සෙසු ආගමික පූජකතුමන්ලාගේ ද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Exit mobile version