දෛනිකව පුද්ගලයන් 850ක් පමණ රැකියා අපේක්ෂාවෙන් විදේශගත වන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම දත්තවලින් පෙන්නුම් කර ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි වී යන පිරිස පමණයි. එමෙන්ම මෙම වසර තුළ දෙලක්ෂ අනූ දහසකට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද සඳහන් වේ.