Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ළමුන් ලක්ෂ 29ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙනවා; 2023 පෙබරවාරි වන විට තවත් උග‍්‍ර වනු ඇත – UNICEF

ශ්‍රී ලංකාවේ තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි - UNICEF

ශ්‍රී ලංකාවේ තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි - UNICEF

ශ‍්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවත් ඉන් ලක්ෂ 29ක් ළමුන් බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

මෙම තත්ත්වය එළඹෙන වසරේ පෙබරවාරි මස වන විට තවත් උග‍්‍ර වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඉදිරි මාස වලදී ළමා මන්දපෝෂණ තත්ත්වය තවත් දරුණු විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පුරෝකථනය කරන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එසේම ළමුන් ලක්ෂ 11කට අධ්‍යාපනය සඳහා සහාය අවශ්‍ය බවත් කාන්තාවන් සහ ළමුන් ලක්ෂ 28කට පෝෂ්‍යදායි ආහාර අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙයි.

ශ‍්‍රී ලාංකිකයන් 66000ක් උග‍්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එසේම ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ 53ක් ආහාර වේල් මග හරින බවත් ඉදිරියේදී මෙම සංඛ්‍යාව දේශගුණික විපර්යාස සහ දේශපාලන අර්බුද හේතුවෙන් තවත් වැඩි විය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version