Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශයක සිට කැරට් 22කට වැඩි රන් ආභරණ පැළද පැමිණීම තහනම්

රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

විදේශයක සිට මෙරටට පැමිණීමේදී කැරට් 22කට වැඩි රන් ආභරණ පැළද පැමිණීම ගුවන් මගීන්ට තහනම් කර තිබෙනවා.

ගුවන් මගින් රත්‍රං මෙරටට ගෙන ඒමට පැවති හැකියාව යම් සීමාවකට යටත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.

ජාවාරම්කරුවන් විසින් දිනකට රත්‍රං කිලෝ 50ක් පමණ මෙලෙස හොර රහසේ මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාරවරණය වී ඇති බැවින් මෙලෙස සීමා පැනවූ බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. එම නිසා රජයට මාසිකව ඩොලර් මිලයන 30ක් පමණ අහිමිවන බවද සඳහන්.

එසේම මගීන් පැළඳගෙන පැමිණෙන රත්‍රං පරික්ෂා කිරීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක්ද සකස් කිරීමට නියමිතයි.

Exit mobile version