Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය මාර්ගය අබලන් වීමට, දුම්රිය පීලි පැනීමට හදුන්වා දුන් අපූරු විසඳුම

දුම්රිය මාර්ගය අබලන් වීමට, දුම්රිය පීලි පැනීමට හදුන්වා දුන් අපූරු විසඳුම

දුම්රිය මාර්ගය අබලන් වීමට, දුම්රිය පීලි පැනීමට හදුන්වා දුන් අපූරු විසඳුම

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පීලි දැඩි ලෙස අබලන් වීම නිසා කොළඹ කොටුව හා වාද්දුව අතර, මුහුදු බඩ මාර්ගයේ නව වේගසීමා හදුන්වා දීමට පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ඒ අනුව පැයට කිලෝමීටර 60-70ත් අතර වේගයකින් ධාවනය වූ දුම්රිය මේ වන විට වාද්දුව සහ කොටුව දුම්රිය ස්ථාන අතර ධාවනය වන්නේ පැයට කිලෝමීටර 30ත් 40ත් අතර වේගයකින්.

මෙලෙස නව වේග සීමා පැනවීමත් සමඟ ඊට සමගාමීව එම මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ වේගය අඩු කිරීම නිසා නියමිත දුම්රිය ස්ථාන වෙත දුම්රියට පැමිණීමට නොහැකි වීම හේතුවෙනුයි.

මේ වන විට දිවයින පුරා දුම්රිය මාර්ගවල තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මාර්ගයේ ඇතුළු අනෙකුත් දුම්රිය මාර්ග සඳහාද නව වේග සීමා හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර ඒ අනුව සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා නව දුම්රිය කාලසටහනක් හදුන්වාදීමේ වැඩපිළිවෙද මේ වන විට ක්‍රියාත්මකයි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර පීලි මිලදී ගැනීමේ ටෙන්ඩරයක් අවලංගු කිරීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වී ඇති බවත් එම අවලංගු කරන ලද ටෙන්ඩරය බලාත්මක කර ඒ ඔස්සේ නව පීලි මිලදී ගැනීමට දුම්රිය දෙපාර්තමේනතුව මේ වන විට පියවර ගනිමින් සිටින බවත් දුම්රිය වෘතීය සමිති මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් නව පීලි මිලදී ගනු ලැබුවද එම පීලී මාර්ගයේ ස්ථාපිත කිරීමට මාස කිහිපයක් ගතවන බැවින් ඉදිරි මාස කිහිපයේ දුම්රිය පීලිපැනීම් සහ දුම්රිය ප්‍රමාදයන් ඉහළ යා හැකි බවයි දුම්රිය නගාසිටුවීම සඳහා වූ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.

Exit mobile version