Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුරු සේවයට බඳවා ගන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර 4ක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණයි

2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම

2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම

මීට පස්සෙ පාසලේ පන්තියට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී(24) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

ගුරු සේවයට බඳවා ගන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. දුෂ්කර පළාත්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ඩිප්ලෝමා ලබපු අයත් සලකා බලා තිබුණා. මීට පසු අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ වෙනස් ක්‍රමයකට. පීඨ දහනවය එකතු කරලා ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය බිහි කරනවා. මේකෙ අවුරුදු 4ක උපාධිය සහ ගුරු පුහුණුවෙන් පස්සේ තමයි පාසලේ පන්ති කාමරයට යවන්නෙ. ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරයකු හදනවා.

Exit mobile version