Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ සේවයේ පුරප්පාඩු 40ක් සඳහා නව බඳවාගැනීම්

විදේශ සේවයේ පුරප්පාඩු 40ක් සඳහා නව බඳවාගැනීම්

විදේශ සේවයේ පුරප්පාඩු 40ක් සඳහා නව බඳවාගැනීම්

විදේශ සේවයේ පුරප්පාඩු 40ක් සඳහා නව බඳවාගැනීම් සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. ඒ අනුව 2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදුකර නොමැති බව වාර්තා වෙයි.

එබැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජුලි මාසය වනවිට විදේශ සේවයට 40 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.

සිය සේවාවන් සිදු කරගැනීමට විදේශ තානාපති කාර්යාලවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට බොහෝ වෙලාවක් දිගු පෝලිම්වල සිටීමට සිදුවීම ගැන ලද පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Exit mobile version