Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තිලංගට කෝටි 21/2ක වන්දියක් ගෙවන්නැයි අර්ජුනට අධිකරණ නියෝගයක්

තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට (17) අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය 2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේ යැයි සඳහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල මහතා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 5ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසටයි තිලංග සුමතිපාල මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

අදාළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාල මහතාට අපහාසයක් සිදුව ඇති බව සඳ හන් කරමින් ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවන් වන හර්ෂ සේතුංග සහ තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Exit mobile version