Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉස්ලාම් විෂයට අදාල පෙල පොත සම්බන්ඳයෙන් වෙබ් අඩවි සිදුකරන චෝදන අසත්‍යයි

2022 වසරේ ඉස්ලාම් ධර්මය විෂයට අදාළ 6 සිට 11 වසර දක්වා සංශෝධිත පෙළ පොත මේ වන විට දරුවන්ට බෙදා දෙමින් තිබෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා (17)වැනි දා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම පෙළපොත්වල ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර ඒ අනුව,පත් කළ විශේෂ කමිටුවක් මගින් මෙම කරුණු පරිශීලනය කර අදාළ සංශෝධනය සිදු කර අලුතින් මුද්‍රණය කර තිබේ.

එහෙත් ඇතැම් වෙබ් අඩවි වල ආගමික අන්තවාදය සහිත පොත් බෙදා හරිනවා යනුවෙන් තමාට චෝදනා එල්ල වන බවත් එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

”සියළුම ආගම් වල එකගතාවයෙන් මෙම පොත් බෙදා හරිනවා.මම කළේ සියළුම දරුවන්ට සාධාරණයඉටු කරන එකයි. මම කළේ නිවැරදි දෙයක්. එම දරුවන් එළඹෙන මැයි මාසයේ සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.සෑම දරුවකුටම සමානව අවස්ථාව දිය යුතුයි, මෙම වෙබ් අඩවිය අසත්‍ය ප්‍රචාරය කරනවා. මේක නැවැත්තුවේ නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙනෙන බවද අධ්‍යාපන ඇමතිවරයා කීය.

Exit mobile version