Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිලිපීනයේ මෙලොව එළිය දුටු බිලිඳියක් සමග ලෝක ජනගහනය බිලියන 8 සීමාව පසු කරයි

Margarita Villorente gave birth to baby Vinice at the Dr. Jose Fabella Memorial Hospital in Manila on Tuesday midnight, November 15, 2022. Baby Vinice becomes the symbolic 8 Billionth human to be born on Earth. Photo by Yummie Dingding

ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි.

දරු උපත සිදුවී ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවර බවද පැවැසෙයි. ලෝක ජනගහනය බිලියන හතේ සිට බිලියන අට පසු කිරීමට ගත වී ඇත්තේ වසර 11ක් යැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ලෝක ජනගහනය බිලියන 9 සීමාව පසු කිරීම ඉදිරි වසර 15 ඇතුළත සිදුවනු ඇති බවත්, බිලියන 10 සීමාව පසු කිරීම 2080 වසරේ දී සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ වනවිට ලොව වැඩිම ජනහනයක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ, චීනය දෙවැනි ස්ථානයට පත් කරමිණි.

Exit mobile version