Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ එළිය රක්ෂිතයේ නීති විරෝධිව මැණික් ගැරූ 19ක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

මහ එළිය රක්ෂිතයේ නීති විරෝධිව මැණික් ගැරූ 19ක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

මහ එළිය රක්ෂිතයේ නීති විරෝධිව මැණික් ගැරූ 19ක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට

මහ එළිය රක්ෂිතයේ නීති විරෝධිව මැණික් ගැරූ 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය සමත්වුණා.

පොලිස් විශේෂකාර්ය බලකායේ මස්කෙලිය කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බගවන්තලාව පොලිස් වසමේ කල් එළිය රක්ෂිතයේ වැටලීම් 03 සිදු කළා. එහිදි බලපත්‍ර නොමැතිව මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයින් 19 දෙනෙකු උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගැනුණා.

රක්ෂිතයේ අක්කර 25 භුමියක් වනසමින් මහ පරිමාණ පරිසර විනාශක්ද සිදු කරමින් මොවුන් මැණික් ගැරීම සිදු කර ඇති බවයි මුලික විමර්ශනවලදි හෙළි වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා උපකරණ වැඩිදුර විමර්ශන සදහා හැටන් අඩවි වන නිලධාරී කාර්යාලයට භාරදීමට පොලිස් විශේෂකාර්ය බලකාය කටයුතු කලා.

Exit mobile version