Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලබන 15වන දින සිට දෙසැම්බර් 31වන දින දක්වා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා හැකියාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලබන 15වන දින සිට දෙසැම්බර් 31වන දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති එම පොදු සමා කාලය තුළ දී මේ වසරේ ඔක්තෝබර් 25වන දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පමණක් වලංගු වේ.

ඔවුන් වෙතින් අය විය යුතු යම් මුදලක් වේ නම් එය නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර ගෙවිය යුතු අතර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නොනිමි විනය කටයුතු නොපැවතිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමෙන්ම නීතිවිරෝධී ක්‍රම මගින් විදේශ ගත වු හෝ විදේශගත වීමේ දී වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගැනීමද අවශ්‍ය වේ.

Exit mobile version