Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට විදුහල්පති පත්වීම් සහ සංවර්ධන නිලධාරීන් 26,000ක් ගුරු සේවයට

අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට විදුහල්පති පත්වීම්; සංවර්ධන නිලධාරීන් 26,000ක් ජනවාරියේ සිට ගුරු සේවයට

අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට විදුහල්පති පත්වීම්; සංවර්ධන නිලධාරීන් 26,000ක් ජනවාරියේ සිට ගුරු සේවයට

විදුහල්පතිවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනට පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කළ සැණින් 4,000කට අධික විදුහල්පතිවරුන් පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී (09) ප්‍රකාශ කළේය.

විදුහල්පති තරග විභාගය කඩිනමින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව කැඳවා තමන් සාකච්ඡාවක් පැවැත්වූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එසේම සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් රාජ්‍ය සේවකයින් 26,000ක් එළඹෙන ජනවාරි මස සිට ගුරු සේවයට එක් කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව 2018, 2019, 2020, 2021 වසරවල දී සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලැබූ උපාධිධාරින්ට දීප ව්‍යාප්ත වශයෙන් පොදු විභාගයක් පවත්වා මෙම බඳවා ගැනීම් සිදු කරන බවත් දෙසැම්බර් මාසයේ මැද වන විට මීට අදාළ විභාගය පවත්වන බවද ඇමැතිවරයා පැවසීය.

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා දීමට නියමිත අරමුදල් මඟින්, පාසල්වල භෞතික සම්පත් සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවසීය.

Exit mobile version