Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා තිරසාර නිවාස හා ඉදිකිරීම් මාර්ග සිතියම (Sri Lanka Sustainable Housing and Construction Roadmap) එළිදක්වයි

ශ්‍රී ලංකා තිරසාර නිවාස හා ඉදිකිරීම් මාර්ග සිතියම (Sri Lanka Sustainable Housing and Construction Roadmap) එළිදක්වයි

ශ්‍රී ලංකා තිරසාර නිවාස හා ඉදිකිරීම් මාර්ග සිතියම (Sri Lanka Sustainable Housing and Construction Roadmap) එළිදක්වයි

“ශ්‍රී ලංකා තිරසාර නිවාස හා ඉදිකිරීම් මාර්ග සිතියම” (Sri Lanka Sustainable Housing and Construction Roadmap) එළිදැක්වීම සිදු කෙරේ.

ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාජ් හෝටලයේදී පසුගිය සිකුරාදා (28)ය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන (UN HABITAT), එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය (UNOPS) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි (UNEP) තාක්ෂණික සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

තිරසාර නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල පර්යේෂණ හා නිෂ්පාදන සිදු කරනු ලබන පෞද්ගලික හා රාජ්‍ය ආයතනයන් හී දායකත්වය “ශ්‍රී ලංකා තිරසාර නිවාස හා ඉදිකිරීම් මාර්ග සිතියම” සදහා යොදා ගෙන ඇත.
නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රය පරිසර හිතකාමී අයුරින් තිරසාර ලෙස ශ්‍රී ලංකාව තුළ ඉදිරියට ගෙන යාම මෙහි අරමුණ වේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රධානී ලක්ෂ්මන් පෙරේරා මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී මෙහිදී අදහස් දැක්විය.

තිරසාර නිවාස හා ඉදිකිරීම් සංවර්ධනය පිළිබද අවබෝධයක් ලබා දීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ පෞද්ගලික ආයතන හා රාජ්‍ය ආයතනයන් විසින් එම ක්ෂේත්‍රයට අදාළ ව නිෂ්පාදනය කරනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය සහ නව තාක්ෂණය පිළිබද කෙටි ප්‍රදර්ශනයක්ද මෙහිදී පැවැත්විණි.

ලෝක වනජිවී අරමුදලේ ප්‍රධාන උපදේශක මිස්සක හෙට්ටිආරච්චි, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරු එම්. එස්. එම්. අලීම්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස) ඩබ්ලිව්. එම්. ආනන්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය ප්‍රියාන් ඩයස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Exit mobile version