Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත රජය ලබාදුන් නිවාස යළි පවරා ගැනීමට

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත ශ්‍රී ලංකා රජය ලබාදුන් නිවාස යළි පවරා ගැනීමට

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත ශ්‍රී ලංකා රජය ලබාදුන් නිවාස යළි පවරා ගැනීමට

ද්විපාර්ශ්වික ගිවිසුම් පත්‍රය උල්ලංඝනය කිරීම් දින 14ක් ඇතුළත නිවැරදි කර නොගන්නේ නම් ජාත්‍යන්තර පදක්කම් හා ජයග්‍රහණ අත්කර ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත ශ්‍රී ලංකා රජය ලබාදුන් නිවාස දින 14ක් ඇතුළත පවරා ගන්නා බවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඔවුන්ට දැනුම් දී තිබේ.

මොරටුව අඟුලාන “සයුරපුර” මහල් නිවාස සංකීර්ණයෙන් මෙලෙස ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකු සඳහා එක් නිවසක් රුපියල් මිලියන 1.5ක් වන වටිනාකමක් යටතේ පවරාදී තිබේ.

මෙම නිවාස පැවරීමේ ගිවිසුම් පත්‍රයට අනුව එය ලබා ගන්නා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් වසර 30ක් තුළදී වාරික ගෙවා අවසන් කළ යුතුය. එය පොළියෙන්ද නිදහස් කර තිබේ.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට වාර්තා වී තිබෙන පරිදි ත්‍යාග ලෙස මෙලෙස සහන වාරික ගෙවීමේ පදනමින් රජයේ නිවාස ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් ද්විපාර්ශවික පැවරුම් ගිවිසුම් පත්‍රය උල්ලංඝය කරමින් වාරික ගෙවීම් දිගින් දිගටම පැහැර හැර තිබේ.

ඒ අතර මෙසේ ත්‍යාග ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදුන් ඇතැම් නිවාස පදිංචියෙන් තොරව වසා දමා තිබීමත් එවැනි ඇතැම් නිවාස තෙවැනි පාර්ශව වෙත පවරා තිබීමත් හෙළිකරගෙන තිබෙන බව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පවසයි.

එවැනි සිදුවීම් මෙම නිවෙස් පැවරීමේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයන්ට හා නීතිපති උපදෙස්වලට පටහැණි බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදී තිබෙන නිදහස් ප්‍රදාන පත්‍රය අවලංගු කර නිවෙස් භුක්තිය යළි පවරා ගැනීමට හේතුවන බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාගරික නිවස සංවර්ධන අධිකාරිය යොමු කළ අවසන් සිහිකැඳවීම් ලිපියේ දැක්වේ.

මෙසේ ත්‍යාග ලෙස නිවාස ලබාගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ලෝක ශූරතා, ආසියානු ශූරතා හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමක ක්‍රීඩිකාවන් පිරිසක්ද සිටින බව දැනගන්නට ඇත.

Exit mobile version