Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාපන්දු ලෝක කුසලානය නිමිත්තෙන් කටාරයට චීනයෙන් පැන්ඩා තෑග්ගක්

පාපන්දු ලෝක කුසලානය නිමිත්තෙන් කටාරයට චීනයෙන් පැන්ඩා තෑග්ගක්

පාපන්දු ලෝක කුසලානය නිමිත්තෙන් කටාරයට චීනයෙන් පැන්ඩා තෑග්ගක්

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය නිමිත්තෙන් යෝධ පැන්ඩා වළසුන් දෙදෙනකු කටාර් රාජ්‍යයට තෑගි කරන බව චීන රජය පවසයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එලැඹෙන නොවැම්බරයේ සහ දෙසැම්බරයේ කටාර් රාජ්‍යයේ පැවැත් වෙයි. පැන්ඩා යනු චීනයට ආවේණික සත්වයකු වන අතර චීනය රටවල් සමඟ රාජය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සිදු කරන්නේ පැන්ඩාවන් තෑගි කරමිනි.

කටාර් රාජ්‍යයේ චීන තානාපති සෝ සියැන් පැවැසුවේ, ‘සුහායිල්’ සහ ‘සොරායා’ යන නමින් නම් කළ පැන්ඩාවන් දෙදෙනා ලබන මාසයේ චීනයේ සිට කටාර් රාජ්‍යය බලා ගුවනින් රැගෙන එනු ඇති බවය. පාපන්දු ලෝක කුසලානය ආරම්භ වන්නේ නොවැම්බර් 20 වැනිදාය.

Exit mobile version