Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයෙන් ටොම් මූඩි ඉවත් වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයෙන් ටොම් මූඩි ඉවත් වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයෙන් ටොම් මූඩි ඉවත් වෙයි

ශ්‍රී ලංකා “ක්‍රිකට් අධ්‍යක්ෂ” ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ටොම් මූඩි වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ඔහු සමඟ අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව සහ ටොම් මූඩි අතර පැවැති සාකච්ඡා කිහිපයකින් පසු මෙම එකඟතාවට පැමිණ ඇත.

2021 මාර්තු 01 වැනි දින සිට ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස මූඩි පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත සිදු කරන ලදී.

මූඩිගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කෘතඥතාව පළ කළේය.

Exit mobile version