Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තාවකාලික රියැදුරු බලපත්‍ර ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

තාවකාලික රියැදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

තාවකාලික රියැදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මාස 6ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කාලය දීර්ඝ කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍ර ලාභීන්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇණවුම් කර ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බවය.

Exit mobile version