Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2022 ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ “ප්‍රේමානිසංශ” කෘතියට

2022 ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ "ප්‍රේමානිසංශ" කෘතියට

2022 ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ "ප්‍රේමානිසංශ" කෘතියට

වසරේ හොඳම නව කතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය මෙවර චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ ‘ප්‍රේමානිසංශ’ කෘතියට හිමිවිය.

‘2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල’ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සම්පත් බැංකුව අනුග්‍රහය යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (10) පස්වරුවේ පැවැත්විණ.

ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගත් කෘතිය වෙනුවෙන් රුපියල් 7,50,000ක ත්‍යාග මුදලක්ද හිමිවූ අතර මෙම කෘතිය සරසවි ප්‍රකාශනයකි.

මීට අමතරව එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘නකුල මුනි’ (ගොඩගේ ප්‍රකාශන), සේපාලී මායාදුන්නේ මහත්මිය රචනා කළ ‘හින්දොස්මාලේ’ (මියුසස් ප්‍රකාශන), ශමෙල් ජයකොඩි මහත්මිය රචනා කළ ‘මගේ චිකාගෝ හදවත’ (සරසවි ප්‍රකාශන), කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ‘සන්ධ්‍යානන්දය’ (සරසවි ප්‍රකාශන) යන කෘතීන්ද මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරී තිබූ අතර, එම කෘතීන් වෙනුවෙන්ද රුපියල් ලක්‍ෂය බැගින් මුදල් ත්‍යාග මුදල් හිමිවිය.

Exit mobile version