Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන මෘදුකාංග ශිල්පියෙක් CID අත්අඩංගුවට

රු. ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට

රු. ලක්ෂ 300ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට

පිලිකා රෝගීන් සහ වකුගඩු රෝගීන්ගේ සැත්කම් සදහා මුදල් පරිත්‍යාග කරන ලෙසට සදහන් පුවත්පත් දැන්වීම්වලට අමතා මුදල් පරිත්‍යාග කරන බව පවසමින් ඔවුන්ගේ තොරතුරු ගෙන අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන එරාවුර් ප්‍රදේශයේ පදිංචි පරිගණක මෘදුකාංග ශිල්පියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් (12) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු ඕස්ටේ්‍රලියාවේ මෘදුකාංග ශිල්පියකු ලෙසින් උපාධිය හදාරා මෙරටට පැමිණ සිටි පුද්ගලයකු බවත් මොහු පුවත්පත් දැන්වීම් මගින් අදාළ රෝගීන්ගේ මුදල් අවශ්‍යතාව තහවුරු කරගනිමින් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කළේය.

සැකකරු අසරණ රෝගීන්ගේ තොරතුරු සොරා ගනිමින් වංචා සහගත ලෙස මෙම මුදල ලබා ගෙන ඇත්තේ අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ වෙනත් බැංකු ගිණුම් ආරම්භ කරගනිමින් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුව ප්‍රකාශ කළේය.

සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version