Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය අප්‍රිකානු රටවල් 17ක පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දමයි

චීනය අප්‍රිකානු රටවල් 17ක පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දමයි

චීනය අප්‍රිකානු රටවල් 17ක පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දමයි

අප්‍රිකානු රටවල් 17 සඳහා ලබා දී ඇති පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දැමීමට චීනය තීරණය කළ බව චීන රාජ්‍ය ඇමති චං යී ප්‍රකාශ කර ඇත.

පසුගිය දා සෙනගාල්හිදී පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ 8වන අමාත්‍ය සමුළුවට ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ වෙමින් චීන රාජ්‍ය ඇමතිවරයා මෙම තීරණය දැනුම් දී තිබේ.

චීනය සහ අප්‍රිකාව අතර පොදු සංවර්ධනයේ නව යුගයක් සඳහා මිත්‍රත්වය හා සහයෝගිතාව ශක්තිමත් කිරීම උදෙසා මෙම තීරණය ගත් බවද හෙතෙම පැහැදිලි කර ඇත.

2021 නොවැම්බර් මාසයේ සෙනගාල්හි ඩෙකාර් නගරයේ පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ අමාත්‍ය සමුළුවේදී චීන ජනාධිපති ෂී ජිංපිං ලබා දුන් සියලු පොරොන්දු ඉටුකර තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. අප්‍රිකානු මූල්‍ය හා ආයතනවලට පොරොන්දු වූ ඩොලර් බිලියන 10ක ණය පහසුකම්වලින් බිලියන 3කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති අතර ඩොලර් බිලියන 2.5කට ආසන්න මුදලක් අප්‍රිකාවේ ප්‍රමුඛතා වැඩසටහන්වලට ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

අප්‍රිකානු රටවල අමාත්‍යවරුන් අමතා චීන රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද ප්‍රකාශ කර ඇත.

“චීනය විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ඩකාර්හිදී ලබාදුන් සියලු පොරොන්දු ක්‍රියාවට නැංවීමේ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටියි. අප්‍රිකානු මුල්‍ය ආයතනවලට පොරොන්දු වූ ඩොලර් බිලියන 10ක ණය පහසුකම්වලින් බිලියන 3 අධික ප්‍රමාණයක් ලබාදී ඇත. මාස 7ක් ඇතුළත චීනයේ අප්‍රිකානු භාණ්ඩ ආනයනය 70% දක්වා ඉහළ දැමීය. චීන සමාගම් අප්‍රිකාවේ ඩොලර් බිලියන 2.7ක් ආයෝජනය කර ඇත. අමෙරිකානු ඩොලර් බිලියන 10ක් අප්‍රිකාව වෙත ලබාදීම සඳහා චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිමත් කරනු ඇත.

මේ වසරේ, මේ දක්වා චීනය අප්‍රිකානු රටවල් 12ක් සමග අපනයනය කරන භාණ්ඩවලින් 98%ක තීරු බදු අත්හැරීමට ලිපි හුවමාරු කරගෙන තිබේ. ඉතියෝපියාව, ජිබුටි, සෝමාලියාව සහ එරිත්‍රියාව සඳහා හදිසි ආහාර සහනාධාර ලබා දී ඇත. කෘෂිකාර්මික අංශයේ ඔවුන්ගේ ආයෝජන වැඩි කරමින් ධාන්‍ය වගා කිරීම සඳහා ගම්මාන 1,000ක සමාගම් 100ක් මුලපිරීමට ද රැකියා උත්පාදනය කිරීම දරිද්‍රතාව අඩු කිරීමට සහ අප්‍රිකාවේ ග්‍රාමීය කුටුම්භ සඳහා ජීවනෝපාය දිරි ගැන්වීමට ද චීනය අඛණ්ඩව උපකාර කරනු ඇත.

ඩෙකාර් සමුළුව පැවැත්වීමෙන් පසු සෙනෙගල්හි ෆොන්ඩිගන් පාලම, නයිරෝබි අධිවේගී මාර්ගය, කැමරුන්හි කිරිබි ලොලාබේ අධිවේගී මාර්ගය, ඊජිප්තුවේ රාමදාන් එල්.ආර්.ටී. සැහැල්ලු දුම්රිය මාර්ගය වැනි ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් මේ වන විට චීනය විසින් අවසන් කර තිබේ. අපි අප්‍රිකාවට පක්ෂව තව තවත් සම්පත් බලමුළු ගැන්වීමට කටයුතු කරන්නෙමු. චීන සහ අප්‍රිකානු ජනතාව අතර මිත්‍රත්වය ගැඹුරු කිරීම සඳහා හුවමාරුව සහ සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා අපි අඛණ්ඩ සහයෝගතාව ලබා දෙන්නෙමු.”

Exit mobile version