Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල බිල්පත් ගෙවීම පැහැර හැරිය දේශපාලඥයන් 60කගේ ජල සැපයුම විසන්ධි කිරීමට තීරණයක්

ජල බිල්පත් ගෙවීම පැහැර හැරිය දේශපාලඥයන් 60කගේ ජල සැපයුම විසන්ධි කිරීමට තීරණයක්

ජල බිල්පත් ගෙවීම පැහැර හැරිය දේශපාලඥයන් 60කගේ ජල සැපයුම විසන්ධි කිරීමට තීරණයක්

ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට වැඩිය. ජල බිල මෙසේ ගෙවීම පැහැර හැර සිටින පිරිසට ඇමැතිවරු මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමැතිවරුද ඇතුළත් වෙති. මීට අමතරව ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පිළිබඳවද මණ්ඩලයට තොරතුරු අනාවරණයවී ඇත.

විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විශ්‍රාමික මැති ඇමැතිවරුන්ගේ එම හිඟ මුදල් විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමේ හැකියාව පිළිබඳවද සොයා බලා ගෙන යන බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු කීවේය.

මේ අතර දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදලේ වටිනාකම රුපියල් කෝටි 700 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ. රට පුරා සිටින සමස්ත ජල පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28කි.

මින් පාරිභෝගිකයන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය ජල බිල්පත් ගෙවීම(විවිධ ප්‍රමාණවලින්) පැහැර හැර ඇතැයි මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.

Exit mobile version