Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මිනිස් අපද්‍රව්‍ය සමග ජීවත් වන පක්ෂීන් – නවතම සමීක්ෂණ අනාවරණයක්

මිනිස් අපද්‍රව්‍ය සමග ජීවත් වන පක්ෂීන් - නවතම සමීක්ෂණ අනාවරණයක්

මිනිස් අපද්‍රව්‍ය සමග ජීවත් වන පක්ෂීන් - නවතම සමීක්ෂණ අනාවරණයක්

ලොව වාසය කරන පක්ෂීන්ගෙන් බහුතරයක් මිනිස් අපද්‍රව්‍ය සමග ජීවත් වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඇන්ටාටිකා කලාපයේ හැර ලොව අනෙකුත් සියලු කලාපවල ජීවත් වන පක්ෂීන්ට මිනිස් අපද්‍රව්‍ය සමග ජීවත් වීමට සිදුව ඇති බව එම වාර්තාවේ සදහන්. පක්ෂීන් තම කැදලි තැනීමට මෙන්ම ආහාර ලෙස පවා මිනිසා ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගන්නා බව එම සමීක්ෂනය සිදුකළ විද්‍යාඥයින් කණ්ඩායම සදහන් කරනවා.

මුහුදු පක්ෂීන් බහුතරයක්ද මෙම තත්ත්වයට මුහුණ දී ඇති බවයි ඔවුන් පවසන්නේ. මෑතකදී මිනිසා අතර ප්‍රචලිත වූ මුඛ ආවරණ තම ගෙලෙහි පැටලී සිටින පක්ෂියෙකුගේ ඡායාරූපයක්ද එම පරීක්ෂණ කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

බොහොමයක් පක්ෂීන් මිනිසා ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් අකාලයේ මිය යන බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා. මුහුදු පක්ෂීන් කැදලි තැනීමට යොදා ගන්නා මුහුදු පැලෑටි, දිරාගිය අතු කැබලි අතරට ප්ලාස්ටික් අපද්‍රව්‍යයද යොදාගෙන ඇති ආකාරය එම ජායාරූපයන්හි දැක්වෙනවා.

මිනිසා ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් සිදුවන පරිසර හානිය විදහා දැක්වීම සදහා මෙම සමීක්ෂණය සිදු කෙරුණු අතර ඒ සදහා වසර 4ක කාලයක් ගත වී ඇති බවද සදහන්. ඒ සදහා ජපානය, ඕස්ට්‍රේලියාව, ශ්‍රීලංකාව, බ්‍රිතාන්‍ය හා උතුරු ඇමෙරිකා රාජ්‍යයන් යොදාගෙන තිබෙනවා.

Exit mobile version