Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ඉහළට; මියගිය අය අතර අවුරුදු 10ට අඩු කුඩා දරුවන්

ගාසා තීරය ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 දෙනකු මියගිය බවත් 203 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය 28 දෙනා අතර අවුරුදු 10ට අඩු කුඩා දරුවන් 6 දෙනකු සිටින බවද පැවැසෙයි. ගාසා තීරයේ ගොඩනැගිලි රැසකටද ඊශ්‍රායල මිසයිල සහ රොකට් ප්‍රහාරවලින් හානි සිදුවී තිබේ.

ඊශ්‍රායල හමුදාව මිසයිල සහ රොකට් ප්‍රහාර එල්ල කරද්දී, ගාසා තීරයේ සටන්කාමීන් ද ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කළේය. කෙසේ නමුත් එයින් ඊශ්‍රායලයේ කිසිවකුට අනතුරක් සිදු නොවිණි.

ගුවන් ප්‍රහාරවලට අමතරව, ඊශ්‍රායල හමුදාව මැදිහත් වීමෙන් බටහිර ඉවුරේ ස්ථාන කීපයක වැටළීම් කළ සිදුවිය. එම වැටළීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 19 කි. ඔවුන් සියලු දෙනා පලස්තීන ඉස්ලාමික් ජිහාද් සටන්කාමීන් බව පැවැසෙයි. (06) වනවිට ගාසා තීරයේ වැටළීම් 30ක් සිදු කළ බවත්, ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක 40කට මිසයිල ප්‍රහාර 55ක් එල්ල කළ බවත් ඊශ්‍රායල හමුදාව පවසා තිබුණි.

Exit mobile version