Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජූලි 25වනදා ආරම්භ කිරීමට නියමිත පාසල්වල කටයුතු කළ යුතු ආකරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක්‍රෙල්ඛයක්

ජූලි 25 වනදා ආරම්භ කිරීමට නියමිත පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම, දෛනික පාසල් පැමිණීම, පාසල්වල උත්සව පැවැත්වීම සහ වෙනත් බාහිර කටයුතු සිදු කළ යුතු ආකරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රෙල්ඛයක් නිකුත් තර තිබේ.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, සතියේ දින තුනක් සාමාන්‍ය කාල සීමාවන්හීදී පාසල් පැවත්වීමට තීරණය කර ඇති අතර අනෙක් දින දෙකේදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇති බවය.

ඒ අනුව, පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත් වෙන අතර බදාදා සහ සිකුරාදා යන දිනවලදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනු ඇත. පාසල් පැවැත්වෙන දින තුන තුළදී සියලු ම විෂයන් ආවරණය වන පරිදි විශේෂ කාලසටහනක් සකස් කළ යුතුය.

මේ අතර 2022 වසරේ පළමු වාරය අගෝස්තු 7වන දින දක්වා දීර්ඝ කෙරෙන අතර දෙවන සහ තෙවන වාර පැවැත්වෙන කාල වකවානුව ඉදිරියේදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක් වේ.

Exit mobile version