අධික උණුසුම හේතුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට මහා බ්‍රිතාන්‍යය කටයුතු කළා.
මහා බ්‍රිතාන්‍යය මෙවැනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. පවතින කාලගුණ තත්ත්වය සමග රතු නිවේදනයක් නිකුත් කිරීමටද බ්‍රිතානය කාලගුණ අංශ කටයුතු කර තිබෙනවා. එරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිහේ සීමාව ඉක්මව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ලන්ඩන්, මැන්චෙස්ටර් සහ යෝක් යන ප්‍රදේශවලට අධික උණුසුම් කාලගුණය වැඩි වශයෙන්ම බලපානු ඇති. මේ අතර පවතින උණුසුම් කාලගුණය සමග යුරෝපයේ රටවල් රැසක ලැව් ගිනි පැතිරෙමින් පවතිනවා. පෘථිගාලය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවලයි වැඩි වශයෙන්ම ලැව් ගිනි ඇති වී තිබෙන්නේ. ප්‍රංශයේ ජිරෝන්ඩේ ප්‍රදේශයේ ඇති වූ ලැව් ගිනි තත්ත්වයක් නිසා පුද්ගලයන් එකොළොස් දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගියා.